Home » » දෙල් බැදුම

දෙල් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය
දෙල් ගෙඩි 01
ලුණු ස්‌වල්පයක්‌
තෙල් මිලිලීටර් 100
තක්‌කාලි ගෙඩි 01
ලොකු ලූනු ගෙඩි 01
මාළු මිරිස්‌ කරල් 02
කැබලි මිරිස්‌ තේ හැඳි 1
කරපිංචා ඉත්තක්‌
තලාගත් සුදු ලූනු බික්‌ 02
තලාගත් ඉඟුරු කැබැල්ලක්‌
විනාකිරි ස්‌වල්පයක්‌
මිරිස්‌ කුඩු තේ හැඳි 1

සදන ක්‍රමය
දෙල් ගෙඩිය හීනි පෙතිවලට කපාගන්න. ලුණු ස්‌වල්පයක්‌ අත ගා ගැඹුරු තෙලේ බැදගන්න.තක්‌කාලි ගෙඩිය කපාගන්න. ලොකු තලාගත්,හා මාලු මිරිස්‌ ද කපන්න. තෙල් ස්‌වල්පයක්‌ ලිප තබා සුදු තලාගත් ,ඉඟුරු බදින්න. එයට කරපිංචා තක්‌කාලි කැබලි මිරිස්‌, විනාකිරි ,වතුර කෝප්ප 1/4 ක්‌ දමා කලවම් කර රත්වන්න හරින්න. දැන් බැදගත් දෙල් ද දමා හොඳින් මිශ්‍ර කරන්න.