Home » » කොෆී කේක් | Coffe Cake

කොෆී කේක් | Coffe Cake

අවශ්‍ය ද්‍රව්‍ය
(Sponge එකක් සඳහා)
  • බිත්තර 10
  • සීනි 250g
  • පිටි 250g
  • වැනිලා තේ හැඳි 2


සාදන ක්‍රමය 
මුලින්ම සීනි හා බිත්තර මිශ්‍ර කරන්න. එය ක්‍රීම් වනතුරු ගසා ගන්න. එයට දැන් පිටි එක්කර ගන්න. (ටිකෙන් ටික එක් කිරීමෙන් ස්පොන්ජ් එක හොඳින්  සාදා ගත හැකියි.) මෙයට කෝපි කුඩු ටිකක් එක්කරගෙන දැන් එය අවන් කේ සෙල්සියස් අංශක 180ක් උෂ්ණත්වයේ විනාඩි 20ක් පමණ බේක් කර ගන්න. Coffee අයිසින් එක සඳහා Coffee ක්‍රීම් බටර් අයිසින්වලට මිශ්‍ර කරමින් එයට කජුද එක්කර කේක් එකේ මැදට හා ක්ක් එකේ වටේ තවරා ගන්න. දැන් මේ ආකාරයට අලංකාර කර ගනිමින් අමුත්තන්ට පිළිගැන්විය හැකිය.