Place Your Ad Here
Home » » ඉස්සෝ සුප්

ඉස්සෝ සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් 250g
වතුර 11/4L
චිකන්සීසනිං 01
ලුණු කුඩු 05
බැම්බුෂුට් සහ කළුහතු 100g
සේර(සුදු පාට කොටස)දඩු 04
දෙහිකොල 04
අමුමිරිස්කරල් 08
මාළුසෝස් 02Tsp
දෙහියුෂ 05Ml
කුඩාවට කපාගත්කොත්තමල්ලිකොල 02Tsp
ලුණු කොල 02Tsp
සෝයා සෝස් 01Tsp

සාදන ආකාරය
ඉස්සන් පොතු ගලවා හොදින් සොදා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස් දමා හොදින් අතගා සීසනින් කැටය සහ කපාගත් එළවළු වර්ගද වතුරද එකතුකර ඉස්සන් සහ එළවළු කැබලි තැම්බෙන තුරු පිසගන්න. දැන් මෙයට මාළු සෝස්, දෙහි යුෂ හා රසකාරක එකතු කරන්න. ඉන්පසු කොත්තමල්ලි කොල හා ළූණු කොල ටික එකතු කරන්න. පානය කිරීමට පෙර සේර අමු මිරිස් ඉවත් කරන්න.