Home » » කට්ලට්

කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා පොඞිකර ගත් අල ග්‍රෑම් 500
සිහින්ව කපා ගත් ලූනු ග්‍රෑම් 200
සිහින්ව කපා ගත් අමුම්රිස් ග්‍රෑම්50
සිහින්ව කපා ගත් ඉගුරු සුදුලුනු ග්‍රෑම් 25
රම්පෙ කරපිංචා
සැමන් ග්‍රෑම් 400
කැබලි මිරිස් ග්‍රෑම් 50
ගම්මිරිස්, ලුනු හා කහකුඞු ස්වල්පයක්
බිත්තර 04
පාන්කුඞු ග්‍රෑම් 500
තෙල් මිලි ලීටර් 500

සදන ක්‍රමය
තෙල් ස්වල්පයක් රත්කර එයට ඉගුරු, සුදුලුනු, රම්පෙ,කරපිංචා හා අමුමිරිස් එක්කර යාන්තමට බැදගන්න සැමන්ද එකතුකරන්න ගම්මිරිස්,ලුනු හා කහකුඞු ස්වල්පයක් එකතුකරන්න තම්බා පොඞිකර ගත් අල දමා මිශ්‍රකර ලිපෙන් බාගන්න එම මිශ්‍රනය කුඞා බෝලකර බිත්තර වල තවරා පාන්කුඞු වල දවටා ගැබුරු තෙලේ රන්වන් පාට වන තුරු බැඳගන්න