Home » » වෙජිටබල් චොප්සි

වෙජිටබල් චොප්සි

අවශ්‍ය ද්‍රව්‍ය
කොටු හැඩයට කපාගත් කැරට් 100g
කොටු හැඩයට කපාගත් අල 100g
කුඩා කැබලි වලට කපාගත් බොංචි 100g
කපාගත් බේබි කෝන් 25g
කොටු හැඩයට කපාගත් පිපිඤ්ඤා 25g
රතු සහ කොල බෙල් පෙපර් කැබලි කීපයක්
තලාගත් ඉගුරු සහ සුදු ළූණු
ඔයිස්ටර් සෝස් 1Tsp
කෝන්පිටි 2Tsp


සදන ක්‍රමය
වතුර ටිකක් ලිප තබා උතුරන විට ලුණු ස්වල්පයක් හා සීනි ස්වල්පයක් දමන්න. එයට කොටු කපාගත් කැරට් අල හා බෝංචි දමා වතුර හොදින් නටන විට එළවළු කැබලි ටික පෙරා වතුර වෙනමත් එළවළු වෙනමත් තබා ගන්න. තෙල් ටිකක් ලිපතබා රත්වන විට තලාගත් ඉගුරු සුදු ළූණු දමා තෙම්පරාදු කරන්න. කලින් පෙරා තබාගත් වතුර වලින් කීපයක් මෙයට එකතු කරන්න. එයට සීනි මේස හැදි 1 ක් දමා හැදි ගාන්න. ඉන්පසු ඔයිස්ටර් සෝස් දමා එය කැටි නොගැසෙන පරිදි හොදින් දියවනතුරු හැදි ගාන්න. කෝන්පිටි මේස හැදි දෙකක් ඇල්වතුර ස්වල්පයක දියකර එයද ලිප ඇති භාජනයට ටික ටික එකතු කරමින් හැදි ගාන්න. එවිට උකු මිශ්‍රණයක් ලැබේවි. දැන් මෙම මිශ්‍රණයට තම්බා නොගත් පිපිඤ්ඤා, බෙල් පෙපර්, බේබි කෝන්, දමා විනාඩියක් පමණ තැම්බෙන්නට හැර මුලින් තම්බාගත් කැරට්, බෝංචි එකතු කරන්න. කැමතිනම් ගම්මිරිස් ටකක්ද ඉසින්න. මිශ්‍රණය පදමට එනවිට ලිපෙන් භාගන්න