Home » » සුල්තාන බත්

සුල්තාන බත්

අවශ්‍ය ද්‍රව්‍ය 
හාල් කිලෝ ග්‍රෑම් 1
වියළි මිදි ග්‍රෑම් 500
අර්තාපල් ග්‍රෑම් 500
බිත්තර 5
පපඩම් ග්‍රෑම් 200
මස් තැම්බූ වතුර
පාස්ලි ග්‍රෑම් 100
එන්සාල්
කරාබු නැටි
කුරුඳු
සේර
තෙල්
රම්පේ, කරපිංචා, ළුණු සහ ලුණු අවශ්‍ය පමණ....

සාදන ක්‍රමය 
සාස් පානක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත්වන විට ලියාගත් ළුනු, කරපිංචා, සේර, කුරුඳු එකතු කර රන්වන් පැහැය වන තෙක් බැදගන්න. අනතුරුව එයට හාල් ද සුල්තානාවලින් කොටසක්ද දමා විනාඩි අටක් බැදගන්න. ස්ටොක් වතුර එකතු කර පිස ගන්න. ඉතිරි සුල්තානා ටික ද වෙනම බැද තම්බා ගත්බතට මිශ්‍ර කර ගන්න. තම්බාගත් බිත්තර කැබළි කර මෙයට මිශ්‍ර කර ගන්න. බැදගත් පපඩම් සහ තැම්බූ අල රවුම් පෙති කපා පාස්ලි කැබළිවලින්ද බත්දීසිය සරසා ගන්න.